
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
MasterChef Australia හි තරුවක් බවට පත්වූ සවින්ද්‍රි පෙරේරා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඇය දැනට පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේය.
ශ්‍රී ලංකාවට පැමිණෙන ගමනේදී ඇය පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන යානය තුළ එහි කාර්යය මණ්ඩලය සාමාජිකයින් කිහිපදෙනෙකු සමග ඡායාරූපයකට පෙනීසිට තිබේ.
“MasterChef Australia තරගාවලියේදී තුන්වැනි ස්ථානය දිනා ගත් සවින්ද්‍රි පෙරේරා UL605 ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟින් බැබළෙයි. ඇයගේ සූපශාස්ත්‍ර ප්‍රවීණතාවය ඇගේ විශිෂ්ට දක්ෂතා විදහා දක්වමින් ඇගේ මව්බිමට අභිමානයක් ගෙන එයි, ” යනුවෙන් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සිය සමාජ මාධ්‍යවල සටහනක් තබා ඇත්තේ අදාළ ඡායාරූපය ද සමගය.
Nat Thaipun අවසන් මහා තරඟයකදී MasterChef Australia ජයග්‍රහණය කරන ලදී.
එම අභියෝගයේදී සවින්ද්‍රි, ශ්‍රී ලංකාවේ ඉවුම් පිහුම් ක්‍රවවේද රැසක් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කළාය.
කෙසේවෙතත්, ඇය කාල කළමනාකාරිත්වයේ ගැටලුවලට මුහුණපෑවාය.
අවසානයේ අවසන් තරගකරුවන් දෙදෙනා ලෙස ජයග්‍රහණය කළේ Josh perry සහ Nat Thaipun ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart