May 5, 2024

ඉදිකිරීම්වල ප්‍රමිතිය බරපතල ලෙස ප්‍රශ්න කරමින් ඉදිකෙරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටී තිබේ.

මෙලෙස කඩාවැටී ඇත්තේ බෙම්මුල්ල කඳඔළුවාව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ආධාරක කොටසකි.

ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ පස්වරුවේ මෙම කොන්ක්‍රීට් ආධාරකය කඩාවැටී ඇති බවය.

මධ්‍යම අධිවේගී මාර්ගය කොළඹ සිය දඹුල්ල දක්වා ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2017 වසරේදීය.

මෙලෙස කඩාවැටී ඇත්තේ එහි ඉදිකිරීම් අවසන් කර නොමැති කොටසේ කොන්ක්‍රීට් ආධාරකයකි.