
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්රවෘත්ති අධ්යක්ෂවරයකු වූ ටී.එම්.ජී. චන්ද්‍රසේකරට බැණ, තර්ජනය කර, පහරදීම සම්බන්ධයෙන් චෝදනාලත් හිටපු ඇමතිවරයකු වන මර්වින් සිල්වා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත අද නියෝග කළාය.
මෙම ඇප නියම කිරීම සිදුවන්නේ අදාළ සිදුවීමෙන් වසර 17කට පසුව වීම විශේෂත්වයකි.
එම නඩුවේ තෙවැනි සැකකරු ලෙස නම්කර සිටින හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන ලාල් පීරිස් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය.
2007 වසරේදී මැර කණ්ඩායමක් සමග රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී ප්රවෘත්ති අධ්‍යක්ෂකවරයාට පහරදීම තර්ජනය කිරීම ඇතුළු චෝදනා යටතේ කොප්පරාගේ මර්වින් සිල්වා, නුවන් උදය ගුණතිලක නොහොත් කුඩු නුවන් සහ ලාල් පීරිස් යන යට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
මෙහිදී සැකකාර මර්වින් සිල්වාට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart