
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක වීසා මත මෙරටට පැමිණෙන විදේශිකයන් සංඛ්‍යාව ඉහළ යෑම සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරීන්ගේ දැඩි අවධානයක් යොමුව තිබේ.
එලෙස පැමිණෙන සංචාරකයන් සම්බාහන මධ්‍යස්ථාන සහ ගණිකා මඩම් පවත්වාගෙන යෑම හෝ එවැනි ස්ථානවල රැකියාවල නිරතවීම හමුවේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ සංක්‍රමණ පාලනය කෙරෙහි දැඩි අවධානයක් යොමුකළ යුතු බවට ද එම නිලධාරීහු අනතුරු අඟවති.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගියදා සිදුකළ වැටළීමකදී වීසා කොන්දේසි කඩකරමින් මෙරට රැඳීසිටි විදේශීය කාන්තාවන් 10 දෙනකු කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකදී අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු 25 ත් 39 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන ඔවුන් අතරට තායි කාන්තාවන් හයදෙනෙකු, වියට්නාම කාන්තාවන් තිදෙනෙකු සහ චීන කාන්තාවක් ඇතුළත් වේ.
ඔවුන් සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර සිවුදෙනකු අවසර දී ඇති කාලය ඉක්මවා රැඳී සිට ඇති බව අනාවරණය වී ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් Daily Mirror පුවත්පත වාර්තා කළේ කොළඹ ප්‍රදේශ කිහිපයක විදේශීය ජාතිකයන් සම්බන්ධ සැකකටයුතු සිදුවීම් පිළිබඳ වාර්තා වූ ආගමන දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු වැටළීම සිදුකර ඇති බවයි.
මෙම කාන්තාවන් පැහැදිලිවම ඔවුන්ගේ වීසා කොන්දේසි උල්ලංඝනය කර ඇති බවත්, ඇතැමුන් වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිට ඇති බවත්, තවත් කිහිපදෙනකු නීතිවිරෝධී ලෙස, ප්‍රධාන වශයෙන් ස්පා සහ බොහෝ විට ගණිකා මඩම් ලෙස ක්‍රියාත්මක වන වෙනත් අනවසර ව්‍යාපාරවල නිරත වී ඇති බවත් නිලධාරියා පවසා ඇත.
අත්අඩංගුවට ගත් විදේශිය කාන්තාවන් මේ වනවිට වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර ඔවුන් ඉදිරියේදී මෙරටින් පිටුවහල් කිරීමට නියමිතය.
වීසා කොන්දේසි උල්ලංඝණය කරමින් අනවසර ව්‍යාපාරවල නිරත විදේශිකයන් හඳුනාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව අඛණ්ඩව වැටළීම් සිදුකරන බවද එම නිලධාරියා පෙන්වා දී තිබේ.
ඒ අනුව බස්නාහිර පළාතේ මෙන්ම යාපනය ඇතුළු දකුණේ සහ උතුරේ ප්‍රදේශවල ද වැටළීම් ක්‍රියාත්මකය.
වීසා රෙගුලාසි උල්ලංඝණය කරන විදේශීය පුරවැසියන් සහ ඔවුන්ට ආධාර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart