
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන්ගේ නොවන කලිසම් ඇඳගෙන උජාරුවට කයිවාරු ගැසීමට වඩා කලිසම් හැළුණත් රටේ ආර්ථිකය, ඩොලරය නොවැටී ඉදිරියට ගෙනයෑම නියම නායකත්වයේ ලක්ෂණයක් බවත් මළමිනී උඩින් හෝ දේශපාලනය කරන්නන්ට රට ආපස්සට ගෙනයෑමට කිසිදු ඉඩක් නොතබන බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර අද (22) ශ්‍රී ලාංකිකයින්ට විදේශ රැකියා අවස්ථා සැලසීම පිණිස මාතලේදී ආරම්භ කෙරුණු ‘ජයගමු ශ්‍රී ලංකා’ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.
තම අමාත්‍යාංශයට එන ඊශ්‍රායෙල්, කොරියා, ජපාන රැකියා අවස්ථා තමන් නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයට ලබාදිය හැකි වුවත් තම සේවය රට වෙනුවෙන් පමණක් වන බව ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
“මේ රටේ ඉතිහාසයේ ඉදලම හාල් පොලු, මිරිස් පොලු, වගේ විවිධ පොලු තිබුණා. අපේ ආර්ථිකය ජේ.ආර්. ජයවර්ධන ජනාධිතිවරයා වෙනස් කරද්දී ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සිරිමාවෝ මැතිණිය එක තැනකට ගොනු වෙමින් යන වෙලාවේ මේ රටේ වැරදි මත හදලා රට ඇතුළේ ගැටුමක් නිර්මාණය කරලා දහස් ගණන් ජීවිත වැරදි පාරකට යොමු කරලා, ජීවිත විනාස කළේ ඔය කයිවාරුකාරයෝම තමයි. ඊට පස්සෙත් මේ රට ගොඩ යන්න හදන හැම වෙලවකම රටේ තරුණ තරුණියෝ නිස්කාරණයේ කැරලිවලට අරගෙන ගිහිල්ලා තරුණ තරුණියන්ගේ ජීවිත විනාශ කළෙත් ඔය කයිවරුකාරයෝම තමයි.
මේ රටේ සංවර්ධනය හැමදාම සිද්ධ වෙනකොට, විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු නොවෙන්නේ, පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය ආරම්භ කරන්න නොහැකි වුුණේ, රටේ සම්පත් කියලා ජනතාවගේ බදු මුදලින් ආයතන නඩත්තු කරන්න වෙන තත්ත්වයට ආවේ ඒ අය නිසයි. ඒ වගේම ගන්න හැම තීන්දුවකදීම කකුලෙන් ඇද්දා. ඒ වගේම වරායවල් ජනසතු කරන්න හදනකොට, නැගෙනහිර – බටහිර වරායන් හදනකොට කුකුලෙන් ඇද්දා. මේ රටේ සංවර්ධනය වෙනකොට හැම වෙලාවේම කකුලෙන් ඇද්දා. අධිවේගී මාර්ග හදනකොට කෑ ගැහුවා. අද නියම ආර්ථික විප්ලවයක් සිදු වෙන අවස්ථාවේදී මේ වගේ වැරදි මත හදලා වැරදි තැන්වලට රට ගෙනිහිල්ලා නැවත වතාවක් රට අර්බුදයකට ආගාධයකට ගෙනයන අයගෙන් අපි ප්‍රවේසම් විය යුතුයි. කැළේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. විවිධ මුහුණුවලින් ආවාට කොටියා කොටියාම තමයි.”
යැයි ඇමැති මනූෂ නානායක්කාර එහිදී අවධාරණය කළේය.
මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේ අද සහ හෙට (23) දෙදින තුළ පැවැත්වෙන මෙම වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධ සියලුම ආයතන කෙරෙන් ලැබිය යුතු සේවා පිළිබඳව වෘත්තිකයින් දැනුවත් කිරීම, තරුණ තරුණියන් දසදහසකට ජනාධිපති අරමුදල මගින් වෘත්තීය පුහුණුව ලබාදීමට කටයුතු සැලසීම, ශ්‍රී ලංකාවේ විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසල්වල සුහුරු පන්ති කාමර සඳහා ස්මාට් බෝඩ් ලබාදීම යනාදී කටයුතු ගණනාවක් සිදු කෙරෙයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart