
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘රතු සහෝදරයන්’ ඉන්දීයාවේ සංචාරය නොකළා නම් යූ.පී.අයි. ගෙවුම් පද්ධතියට එරෙහිව මෙරට තුළ විශාල ව්‍යාජ මතයත් නිර්මාණය කිරීමට ඉඩ තිබූ බවත්, ඔවුන්ගේ ඉන්දීය සංචාරය සමඟ මෙතක් පැවති ඉන්දීය විරෝධී ප්‍රතිපත්තිය වෙනස්වීම, ඔවුන්ගේ ප්‍රතිපත්ති ස්ථීර නොවන බවට කදිම උදාහරණයක් බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පැවැසීය.
ඉන්දීය විරෝධී ප්‍රතිපත්ති වෙනස්වීම සාධනීය කාරණයක් වුවත්, එම ප්‍රතිපත්තිය හේතුවෙන් ජීවිත අහිමිවූවන්ට යළිත් එම ජිවිත නොලැබීම, ඉතා කණගාටුදායක ඉතිහාසයක් මතක් කරදෙන බවත් ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
ඇමැතිවරයා මේ බව සඳහන් කර සිටියේ, වැල්ලවාය මහජන ක්‍රිඩාංගණයේ මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අද (17) සහ හෙට(18) දෙදින පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වූ අවස්ථාවේදීය.
කම්කරු හා විදේශ රැකියා ආමත්‍යාංශය විසින් සංවිධානය කළ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන මගින් අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනය වල සේවාවන් සහ අනෙකුත් රාජ්‍ය අයාතන වල සේවාවන් මහජනතාව වෙත ගෙනයෑම අපේක්ෂා කරයි.
ඉදිරියේදී ඉන්දියාවට මෙරට තුළ ව්‍යාපෘති කිරීමට බාධාවක් නොවනු ඇති බවට අපේක්ෂා කරන බවත්, එමගින් ඉන්දියාව මෙරටට ලබාදෙන සහාය ඉහළයෑමට හැකියාව පවතින බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී ඇමැතිවරයා මෙසේද පැවැසීය.
අද තියෙන තත්වයට හරි මේ රට ඇවිත් තියෙන එක ආශ්චර්යයක්. මේ රට මේ තත්වයට හරි අරගෙන එන්න පුලුවන් තත්වයක නෙමෙයි තිබුණේ. වර්තමාන ජනාධිපතිතුමා රට භාරගත්තේ ඒ වගේ වෙලාවක. එතුමා ප්‍රතිපත්තියක හිටියා නම් මම මෙහෙමයි කළේ, මම මෙහෙමයි රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කළේ, ඒ අය මට ඡන්දය දුන්නේ නෑ, මම ගම්පෙරළියට මෙච්චර මුදලක් වෙන් කළත් මට ඡන්දය දුන්නේ නෑ, 1990 ගිලන්රථ සේවය රට පුරාම ක්‍රියාත්මක කළත් මට ඡන්දය දුන්නේ නෑ, 2002 දී ආර්ථිකය හදාගෙන එන විට පරිවාස ගහලා ඒක කඩා කප්පල් කළා, ටැබ් දෙන කොට වද කරන්නේ කියලා කිව්වා, මේ රටේ ජනතාවට මම මෙච්චර දේවල් කරලත් ඒ ජනතාව මට සැලසුවේ නෑ කියලා ප්‍රතිපත්තියක හිටිය නම් රටට එහෙනම් කොයි වගේ තත්ත්වයක ඉදීද. මම මේ රටේ අය වෙනුවෙන් මුකුත් කරන්නේ නෑ කියලා වගේ ප්‍රතිප්තියක හිටියා නම්, මේ වෙලාවේ රට භාරගන්න බෑ කියලා කිව්වා නම් අද මේ රටට මොකක් වෙලා තියේවිද?
හැමෝම පහුගිය කාලවල කිව්වේ මේ තියෙන්නේ රට බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව කියලයි. ඒත් දැන් උදාවෙලා තියෙන්නේ ජනතාව බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව. අන්න ඒ නිසයි මේ තිත්ත ඇත්ත තමුන්නාන්සෙලට කියන්න මං තීරණය කළේ. ඒකට ආයෙත් පක්ෂ දේශපාලන අවශ්‍ය වෙන්නේ නැහැ.
අපි මේ ඉන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ. ඌව වෙල්ලස්සේ රණකාමී වගේම රටට හිතකාමී ජනතාවක් ඉන්න පළාතක්. ඌව වෙල්ලස්ස සටන ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔබේ ජාන රටට හිතකාමී. ජාන රට උවදුරුවලින් ගලවන්න පෙරට ආ ජාන. අන්න ඒ ඔබට මං මෙහෙම කියනවා.
අහසින් වැටුණු වැහි බිදුවත් සංරක්ෂණය කරලා ඉතිරි කරපු ජාතියක් අපි. වැලිවල දෙහි ඔබලා කල්තියාගන්න තරම් සකසුරුවම ප්‍රතිපදාවෙන් උරුම කරගත් ජාතියක් අපි. ගස් යට වැටෙන කොස්ඇටේ පවා වැලි කොස්ඇට දාපු ජාතියක්. අටුකොස් දාපු ජාතියක්, ළුණුදෙහි හදාගෙන දෙහි කල්තියාගත්ත ජාතියක්. උයන්න ගන්න හාල් හුන්ඩුවෙනුත් අහුරක් අරන් තියපු ජාතියක් අපි. එහෙම සකසුරුවමක් තිබුණු සොබාදහමෙන් ලැබෙන දේ පවා ඉතිරි කරපු අපිට මොකද මේ වුණේ? උණේ අපේ දේ පැත්තක තියලා, අනුන්ගේ දේශපාලන වාසි කතාවලට රැවටුණු එකයි. මගෙන් පටන් ගන්නේ නැතිව ආඬි හත්දෙනාගේ කැඳහැලියේ විදියට ජීවත් වෙන්න හදපු එකයි තමයි. ඔබ පටන් ගන්න කවුරුවත් ඇවිත් ඔබට මාලිගා හදලා දෙන්නේ නැහැ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart