
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙරිටේ රිසර්ච් පර්යේෂණ ආයතනය විසින් මෙහෙයවන වේදිකාවක් වන Manthri.lk විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ දී ලබාදුන් පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂණය කරන මාර්ගගත ට්‍රැකර් එකක් වන ‘අනුර මීටරය’ දියත් කිරීම නිවේදනය කර ඇත.
නිරීක්ෂණය කිරීම සඳහා තෝරාගත් පොරොන්දු 22, ආර්ථික ප්‍රතිසංස්කරණ, පාලනය, දූෂණ විරෝධී, නීතිය හා සාමය සහ සමාජ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ මහජන උනන්දුවක් දක්වන සහ වැදගත් යැයි සැලකෙන යෝජනා කෙරෙහි අවධානය යොමුකරයි.
අනුර මීටරය යාවත්කාලීන කිරීම සඳහා තොරතුරු මූලාශ්‍ර තුනකින් ලබාගෙන ඇත:
1) ප්‍රකාශිත මූලාශ්රවල ඇති දේ,
2) RTI ඉල්ලීම් සඳහා ලැබුණු ප්‍රතිචාර, සහ
3) පරිශීලකයන් විසින් සපයන ලද විශ්වාසදායක තොරතුරු.
Manthri.lk පිටුවේ අනුර මීටරයට පිවිසීමෙන් අදහස් සහ තොරතුරු සමඟ දායක වීමට පරිශීලකයින්ට ආරාධනා කෙරේ.
ඒ අනුව, උපයන විට ගෙවීමේ බද්ද සංශෝධනය කිරීම, අඩු ආදායම්ලාභී පවුල් සඳහා මසකට රු10,000 ක් හෝ ඊට වැඩි සහනාධාර මුදලක් ලබා දීම, සහනාධාර අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් 5000ක මාසික දීමනාවක්, තර්කානුකූලව වෙන්කරන ලද අමාත්‍යාංශ 25කට ඇමතිවරුන් 25ක් සහ අනුරූපී නියෝජ්‍ය ඇමතිවරු පත් කිරීම සහ රාජ්‍ය ඇමති ධුර අහෝසි කිරීම, දැනට දින නියමයක් නොමැතිව කල්තබා ඇති පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ වසරක් ඇතුළත පවත්වා ජනතාවට පාලනයට සම්බන්ධ වීමට අවස්ථාව සැලැසීම, ප්රකාශනයේ නිදහසට බාධා වන වගන්තීන් ඉවත් කොට 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත සංශෝධනය කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා ඔවුන් නිදහසේ සමාජ ගතවීම සහතික කිරීම සහ 2019.04.21 දින සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව ලබා දුන් නිර්දේශවලට අනුව අදාළ දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම යන කරුණු ඇතුළුව එම පොරොන්දු 22 සටහන් ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart