
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් අදහස් පළකළ බවට චෝදනා ලැබූ නීතිඥ මනෝජ් ගමගේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ මනෝජ් ගමගේ විසින් සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.
අද (13) දින සිට බලපැවැත්වෙන පරිදි තමා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බව එම ලිපියේ නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කර ඇති බව වාර්තා සඳහන් කරයි.
තමා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකුව සිටින කාලයේ දී ආයතනයේ උන්නතිය වෙනුවෙන් නීතිඥයෙකු ලෙස හැකි උපරිමයෙන් කටයුතු කළ අතර, අධ්‍යක්ෂවරයෙකු ලෙස ආයතනය තුළ පැවති අඩුපාඩු ගණනාවක් සම්පුර්ණ කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස නිසි තීන්දු තීරණ ගත් බවත් එම ලිපිය මඟින් මනෝජ් ගමගේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart