
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මධ්‍යම අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය කණස්සල්ල පළකර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක රජය විසින් ඔක්තෝබර් 10 වැනිදා ප්‍රකාශයට පත් කළ අබේසේකරගේ එම පත් කිරීම පිළිබඳ ප්‍රශ්න කළේය.
පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ජාතික ජන බලවේගය වෙනුවෙන් සක්‍රීයව ප්‍රචාරක කටයුතු කළ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ එකතුවකට ශානි අබේසේකර එක්වූ බවද ගජනායක පෙන්වා දෙයි.
අබේසේකර පත්කර ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව බව ද ඔහු වැඩිදුරටත් පවසයි.
අබේසේකර සේවයේ යෙදී සිටියදී කාර්යක්ෂම නිලධාරියකු ලෙස සැළකුවද ඔහුගේ පත්වීම ප්‍රකාශයට පත් කළ යුතුව තිබුණේ මහ මැතිවරණය අවසන් වී නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයෙන් පසුව බවද ගජනායක අවධාරණය කරයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart