March 18, 2024

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය පත්කර ඇත.

මංගල දෙහිදෙණිය හෙට (19දා) සිය ධුරයේ රාජකාරී භාර ගැනීමට නියමිතය.

මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වනජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය පොලිස් සේවයට එක්වී ඇත්තේ 1990 වර්ෂයේදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් ඇතුළු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සොයාබැලීමේ නව වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක වන අතර, ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට පියවර ගෙන ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කර ඇත.