
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 1,400 ක් සමග පුද්ගලයකු විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.07.12 වන දින මෝදර පොලිස් වසමේ අංක 726, අළුත් මාවත, මෝදර, කොළඹ 15 ලිපිනයේ පිහිටි මිලානෝ හෝටලය ඉදිරිපිට දී වැටළීමක් සිදුකර ඇත.
එහිදී, තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 1,400 ක් සන්තකයේ තබාගෙන සිටි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෝදර පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart