
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කර සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘ලොකු පැටී’ නමැත්තාට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කපුවකු බව කියන පුද්ගලයෙකු මේ මස 24 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට පත්කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවේය.
එහිදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලොකු පැටී නමැති සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දිනේෂ් කුමාර නමැති කපුවකු බව කියන පුද්ගලයා මත්ද්‍රව්‍ය පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා විමර්ශන සිදුකළ බව පැවසූහ.
මෙම සැකකරුගේ රුපියල් කෝටි 33 කට අධික මුදල් ඇතුළත් ගිණුම් හමුවී තිබෙන බවත්, එම මුදල් උපයාගත් ආකාරය මෙම සැකකරුට පැහැදිලි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන වුවත් පොලිසිය පැවසුවේය.
මෙම සැකකරු කුමන පනතක් යටතේ අධිකරණයට ඉදිරිපත් කරන්නේ දැයි අද දින ඉදිරිපත් කළ වාර්තාවේ පැහැදිලිව සඳහන් කර නොමැති බව පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව ලබන 24 වැනිදා යළි කැඳවන ලෙස නියම කළේය.
එදින මෙම සැකකරුට ඉදිරිපත් කරන චෝදනා මොනවාද යන්න පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart