
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ නිව් යෝර්ක් හි වෛද්‍ය මධ්‍යස්ථානයකදී 61 හැවිරිදි පුද්ගලයෙකු MRI යන්ත්‍රයක් තුළට ඇදීයාමෙන් මියගොස් තිබේ.
යන්ත්‍රය ක්‍රියාත්මක වන විට අනවසරයෙන් කාමරයට ඇතුළු වූ ඔහු විශාල ලෝහමය මාලයක් පැළඳ සිටි බව පොලිසිය පවසයි.
ප්‍රබල චුම්බක භාවිත කර නිපදවා ඇති වෛද්‍ය ප්‍රතිබිම්බ යන්ත්‍ර අසලට යාමට පෙර කිසියම් ලෝහමය වස්තු තිබේදැයි පරීක්ෂා කිරීමේ වැදගත්කම මෙම අනතුරෙන් ඉස්මතු වන බව නිව් යෝර්ක් බලධාරීන් පෙන්වා දෙයි.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ අනතුරට පත් පුද්ගලයා එම්ආර්අයි යන්ත්‍රයේ ස්කෑන් පරීක්ෂණයක් සිදුවෙමින් තිබියදී MRI කාමරයකට ඇතුළු වී ඇති බවයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකට අනුව යන්ත්‍රයේ ප්‍රබල චුම්බක බලය ඔහු සිය ගෙලෙහි පැළැඳ සිටි ලෝහමය මාලය හේතුවෙන් ඔහුව ඈඳාගෙන ඇති බවයි.
පොලිසිය මියගිය පුද්ගලයාගේ නම සඳහන් කර නොමැති නමුත් එම ස්ථානයේ සිටි රෝගියෙකු දේශීය ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, සිද්ධියට මුහුණ පා ඇත්තේ ඇගේ සැමියා වන කීත් නමැත්තකු බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ ඇයගේ දණහිස ස්කෑන් පරීක්ෂණයකට භාජනය කරමින් සිටි බවත් තමාට සහාය දැක්වීම සඳහා සැමියා එම ස්ථානයට කැඳවූ බවත් කාන්තාව පවසා තිබේ.
ඇගේ සැමියා අනතුරට මුහුණ පා ඇත්තේ එම අවස්ථාවේදීය.
ඔහු එම අවස්ථාවේ පැලඳ සිටි මාලය කිලෝග්‍රෑම් 9 ක බරින් යුතුවූවක් බව වාර්තා වේ.
කාන්තාව පවසන්නේ යන්ත්‍රයේ කාර්මික ශිල්පියා විසින් සැමියා යන්ත්‍රයෙන් ඉවතට ඇද ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ බවයි.
කෙසේවෙතත් අනතුරුව අදාළ පුද්ගලයා එම යන්ත්‍රයෙන් පිටතට රැගෙන අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කර තිබේ.
ඒ වනවිටත් ඔහුට හෘදයාබාධ කිහිපයක් වැළඳී තිබූ බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart