
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සහ ජනමාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කිසිදු තහවුරු කිරීමකින් තොරව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (TID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (18) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.
අක්කරායන්කුලම් පොලිස් බලප්‍රදේශයට අයත් පලෙයි රක්ෂිතය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට අදාළ සැකකරු විසින් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය හා තහවුරු නොකළ කරුණු ප්‍රකාශ කර තිබිණි.
මෙමගින් මහජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ TID නිලධාරීන් විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 46 හැවිරිදි වියේ පසුවන බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොලිස් ආඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart