November 17, 2026

පසුගිය 15 වැනි දින කුරුණෑගල බස් නැවතුම්පොළ අසල කඩුවක් අතැතිව පුද්ගලයකු කලහකාරී ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී තිබිණි.

එම වීඩියෝ දර්ශනය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කළ විමර්ශනවලින් අනතුරුව, අදාළ සැකකරු 2026 නොවැම්බර් 16 දින කුරුණෑගල දී අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු තලාව, ගැලබවැව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සන්තකයේ තිබු බවට සැකකරන කඩුව ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 2026 නොවැම්බර් 17 වැනි අද දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි