
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ලබා ගත් හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.
මීටියාගොඩ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථානයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව් ඒ ධර්මසිරි පැවසුවේ, සිය ඡන්දය ප්‍රකාශ කර එම ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
ඡන්ද මධ්‍යස්ථාන, ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ ප්‍රතිඵල නිවේදන මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන ඒම සහ භාවිත කිරීම සපුරා තහනම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart