
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මුහම්මද් ෆයිසාල්ගේ සහෝදරයා මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මන්ත්රීවරයා පාර්ලිමේන්තුවට යමින් සිටියදී අද (14) උදෑසන කොස්වත්ත, හල්දඩුවන ප්රදේශයේදී මෙම සිදුවීම සිදුව තිබේ.
පොලිසිය පවසන පරිදි, මන්ත්රීවරයාගේ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්රතිවිරුද්ධ දිශාවට ගමන් කළ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු මියගොස් තිබේ.
වාහනයේ රියදුරු වන මන්ත්රීවරයාගේ සහෝදරයා කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart