
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ මූලික අවධානය ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම කෙරෙහි බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, ඵලදායී පාලනයක් ඔස්සේ ජනතාවට සමීප වීම වැදගත් බව අවධාරණය කළේය.
මාතර පැවැති ජන රැළියකට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අමාත්‍යවරුන් කොළඹ සිට කටයුතු කරනවාට වඩා ප්‍රාදේශියව ජනතාව සමග කටයුතු කිරීම වැදගත් බවයි.
ඉදිරි පාර්ලිමේන්තුවේ සිටින අමාත්‍යවරුන්ට කොළඹ නිවාස ලබානොදෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
“අපට අවශ්‍ය වන්නේ ජනතාව සමඟ සෘජුව සම්බන්ධ වන පාලනයක” ඔහු අවධාරණය කළේ නායකයන් දුරස්ථව සිටීම වෙනුවට ප්‍රාදේශීය ගැටලු විසඳීමට තම දිස්ත්‍රික්කවල කටයුතු කළයුතු බවයි.
නොවැම්බර් 14 න් පසු නව කැබිනට් මණ්ඩලයක් සහ ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, බිම් මට්ටමේ ගැටළු විසඳීමට කැප වූ “ජන නායකන්” වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුකරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
“මේ ආණ්ඩු තම වැඩකටයුතු කිරීමට ගමට යායුතු යුතු අතර, ඉදිරි වැදගත්ම කාර්යය වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳුකම තුරන්කිරීම යැයිද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart