
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාලදිවයිනේ විදේශ අමාත්‍ය ඉරුතිෂාම් ඇඩම් නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සිය ධූරය භාර ගැනීමෙන් අනතුරුව ඇය ඉන්දියාවේ නිල සංචරයක් සඳහා එක්වන පළමු අවස්ථාව මෙය බවයි.
එහිදී ඇය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා වටයක් සඳහා ද සහභාගී වී තිබේ.
එහිදී අමාත්‍යවරුන් දෙපළ දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා පැවැත්වූහ
X (ට්විටර්) හි සටහනක් තබමින් මෙම හමුවේ විස්තර බෙදාගත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා, මාලදිවයිනේ ප්‍රගතිය වෙනුවෙන් ඉන්දියාවේ ඇති කැපවීම අවධාරණය කළ අතර, සිය ප්‍රථම නිල ඉන්දීය සංචාරයේ නිරත වන මාලදිවයිනේ විදේශ අමාත්‍ය ඉරුතිෂාම් ඇඩම් හමුවීමට ලැබීම සතුටක් බව ද පැවසුවේය.
මෝදි රජයේ ‘අසල්වැසියාට ප්‍රමුඛතාව’ (Neighbourhood First) යන ප්‍රතිපත්තිය ඔහු මෙහිදී අවධාරණය කළ අතර, දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාවය ද සමාලෝචනය කළ බව සඳහන් කළේය.
එමෙන්ම X හි සටහනක් තබමින් මාලදිවයිනේ විදේශ අමාත්‍යවරිය කියා සිටියේ මෙම ද්විපාර්ශ්වික හමුව අතරතුර දෙරට අතර පවතින සමීප සබඳතා, ජනතාව අතර සබඳතා සහ දිගුකාලීන ඉන්දු-මාලදිවයින් හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart