
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම විශිෂ්ට රංගන කෞශල්‍යය යළිත් වරක් අන්තර්ජාතික තලයේ සනාථ කරමින්, මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී (Malaysia International Film Festival) හොඳම නළුවාට හිමි කීර්තිමත් සම්මානය දිනාගැනීමට ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත්ව තිබේ.
‘රිවර්ස්ටන්’ චිත්‍රපටයේ ඔහු දැක්වූ ප්‍රබල රංගනය වෙනුවෙන් මෙම සම්මානය හිමිවූ අතර, මෙය මහේන්ද්‍ර පෙරේරා අන්තර්ජාතික සිනමා උළෙලකදී ඇගයීමට ලක්වූ දෙවැනි අවස්ථාව වීමද විශේෂත්වයකි.
මීට පෙර සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී ද ඔහු හොඳම රංගනයට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබිණි.
මෙම අංශයේ හොඳම නළුවා සම්මානය සඳහා ප්‍රබල අන්තර්ජාතික සහ දේශීය රංගන ශිල්පීන් රැසක් නිර්දේශ වී සිටි අතර, ඔවුන් අතර:
යුරායි ලෝයි (‘බ්‍රෝකන් වොයිසස්’ චිත්‍රපටය)
චන්ග් චෙන් (‘ලකි ලූ’ චිත්‍රපටය)
රන්දික ගුණතිලක (‘රිවර්ස්ටන්’ චිත්‍රපටය)
නිකලාස් සරාතේ (‘ද රෙඩ් හැන්ගර්’ චිත්‍රපටය)
යන රංගන ශිල්පීහු වූහ.
එමෙන්ම මෙම සිනමා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් අභිමානයක් එක් කරමින්, ‘රිවර්ස්ටන්’ චිත්‍රපටයේ දැක්වූ දක්ෂතා වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනාගැනීමට ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර සමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart