
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජයට සහ ගැහැණු ළමයින් හා කාන්තාවන් සඳහා වන මර්දනකාරී ප්‍රතිපත්තිවලට අභියෝග කරන ලෙස මලාලා යූසුෆ්සායි ලොව මුස්ලිම් නායකයන්ගෙන් ඉල්ලා තිබේ.
“සරලව කිවහොත්, ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරු කාන්තාවන් මනුෂ්‍යයන් ලෙස දකින්නේ නැත,” ඇය පාකිස්තානය විසින් සත්කාරකත්වය දරන ඉස්ලාමීය රටවල ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අන්තර්ජාතික සමුළුවක් අමතමින් පැවසුවාය.
ගැහැණු ළමයින් සහ කාන්තාවන්ට අධ්‍යාපනයට හා රැකියාවට ප්‍රවේශ වීම වැළැක්වීම ඇතුළු තලේබාන් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ‘ඉස්ලාමීය සම්බන්ධයක්’ නොමැති බව මලාලා යූසුෆ්සායි මුස්ලිම් නායකයන්ට පැවසුවාය.
ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීම නිසා ඇය පාකිස්තාන තලේබාන් තුවක්කුකරුවෙකුගේ ඉලක්කයක් වූ අතර තුවක්කුකරු ඇගේ හිසට වෙඩි තැබීමෙන් පසු පකිස්තානයෙන් බ්‍රිතාන්‍ය වෙත රැගෙන එනු ලැබීය.
මේ වනවිට මලාලා යූසුෆ්සායි 27 හැවිරිදි වියේ පසුවේ.
කෙසේවෙතත් අදාළ අන්තර්ජාතික සමුළුවට සහභාහී වීම සඳහා ඇය ඉකුත් දා යළිත් පාකිස්තානය වෙත පැමිණියාය.
අනතුරුව ඊයේ ඉස්ලාමාබාද්හි පැවති සම්මන්ත්‍රණය අමතමින්, නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා කියාසිටියේ නැවත සිය මව් රටට පැමිණීමට ලැබීම ගැන තමන් සතුටට පත්වන බවයි.
2012 එසරේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසු ඇය නැවත 2018 වසරේදී පළමුවරට පාකිස්තානයට පැමිණි අතර, ඉන් අනතුරුව පැමිණ තිබුණේ කිහිපවතාවක් පමණි.
ඉස්ලාමාබාදි හි පැවැති ඉස්ලාමීය රටවල ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව අමතමින් ඇය පැවසුවේ, තලේබාන් රජය නැවතත් ස්ත්‍රී පුරුෂ භේදවාදයේ ක්‍රමයක් නිර්මාණය කර ඇති බවයි.
තලේබාන්වරු ඔවුන්ගේ නොපැහැදිලි නීති කඩකිරීමට නිර්භීතවන කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට පහරදීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ ඔවුන්ට හානි කිරීමෙන් දඬුවම් කරන බව ද ඇය එහිදී පැවසුවාය.
රජය සංස්කෘතික හා ආගමික යුක්තිසහගතභාවයෙන් ඔවුන්ගේ අපරාධ සඟවා ඇති බව ද මලාලා පෙන්වා දී තිබේ.
කෙසේවෙතත් මලාලාගේ මෙම ප්‍රකාශය පිළිබඳව අදහස් දැක්වීම සඳහා බීබීසී කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම තලේබාන් රජය ප්‍රතික්ෂේප කර ඇත.
ඇෆ්ගන් සංස්කෘතිය සහ ඉස්ලාමීය නීතිය පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණයට අනුකූලව කාන්තා අයිතිවාසිකම්වලට ගරු කරන බව තලේබාන් සංවිධානය මීට පෙර පවසා තිබිණි.
ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC), පාකිස්ථාන රජය සහ මුස්ලිම් ලෝක ලීගය විසින් පවත්වනු ලබන සමුළුවට තලේබාන් රජයේ නායකයන්ට ආරාධනා කරනු ලැබුවද ඔවුන් ඊට සහභාගී වූයේ නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart