
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා, පාර්ලිමේන්තු කටයුතු, සංකලනාත්මක පාලනය, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් දක්වන ලද විශිෂ්ට කැපවීම ඇගයීමට ලක්කරමින් 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ නැගී එන පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානයෙන් (New Parliamentarian Award 2026) පිදුම් ලබා ඇත.
2026 සැප්තැම්බර් 17 වන දින දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවර පැවැත්වුණු 69 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවේදී ප්‍රදානය කරන ලද මෙම සම්මානය මගින්, තම පළමු ධුර කාලය තුළ ආදර්ශමත් නායකත්වයක් සහ බලපෑමක් පෙන්නුම් කළ නැගී එන මහජන නියෝජිතයන් ඇගයීමට ලක් කෙරේ.
මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වාව මෙම සම්මානය සඳහා යෝජනා කරනු ලැබුවේ මැතිවරණ පද්ධති පිළිබඳ අන්තර්ජාතික පදනම – ශ්‍රී ලංකා ආයතනය විසින් 2026 ජූලි 8 වන දින ලන්ඩනයේ පිහිටි CPA මූලස්ථාන ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යෝජනාවකට අනුවය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු දෘශ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස, සුගත් වසන්ත ද සිල්වා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපතිවරයා ලෙස කැපීපෙනෙන නායකත්වයක් නිරූපණය කර ඇත.
2026 ජාතික අයවැය යටතේ රජයේ අමාත්‍යාංශ 25 කට ආසන්න සංඛ්‍යාවක අයවැය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරන අතරතුර, ඔහු ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ, ප්‍රවේශවීමේ ප්‍රමිතීන් සහ සංඥා භාෂාව නිල වශයෙන් පිළිගැනීම වෙනුවෙන් පෙනීසිටියේය.
එසේම කිලිනොච්චිය, මුලතිව්, මඩකලපුව සහ කළුතර යන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් මට්ටමේ මහජන සාකච්ඡා මෙහෙයවමින් ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන බිම් මට්ටමේ අභියෝගයන්ට විසඳුම් සෙවීමටද ඔහු කටයුතු කළේය. නිලධාරීන් 100 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් කම්කරු හා සෞඛ්‍ය අමාත්‍යාංශ සමඟ සිදුකළ සහයෝගීතාවය මෙන්ම ප්‍රවේශවීමේ විගණනයන් සිදුකිරීම සඳහා තරුණ හා ආබාධිත හිමිකම් වෙනුවෙන් පෙනීසිටින්නන්ගේ ජාතික බළකායක් පුහුණු කිරීමට ඔහු ගත් පියවර බෙහෙවින් ඇගයීමට ලක්විය.
අම්බලන්ගොඩ කන්දේගොඩ කනිෂ්ඨ විද්‍යාලය, වටුගෙදර සිරි අබේතිස්ස කනිෂ්ඨ විද්‍යාලය, රත්මලාන විපශ්‍යනා දෘශ්‍යාබාධිත විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය සහ පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ලබාගැනීම දක්වා වූ ඔහුගේ අධ්‍යාපනික ගමන, අධ්‍යාපනය සහ නොපසුබට උත්සාහය කෙරෙහි වූ ඔහුගේ කැපවීම පිළිබිඹු කරයි.
කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තු නායකත්වය ප්‍රායෝගික පාලන ප්‍රතිඵල බවට පත් කිරීමට ඔහුට ඇති හැකියාව මෙම ජාත්‍යන්තර ඇගයීමට හේතු වී ඇති අතර, එය ශ්‍රී ලංකාවේ සංකලනාත්මක දේශපාලන නියෝජනයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart