
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාට ජනාධිපති සමාව ලබාදී, ෆීල්ඩ් මාෂල් තනතුර ලබාදුන්නේ තමා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිහිපත් කළේය.
ඊයේ පාර්ලිමේන්තුවේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් එල්ල කළ චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් අද අදහස් පළකළ හිටපු ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ, සරත් ෆොන්සේකාව ‘මහත්තයෙක් බවට’ පත්කරනු ලැබුවේ තමා විසින් බවයි.
හෙතෙම එහිදී මෙසේද පැවැසීය.
“ඊයේ එක්කෙනෙක්ගේ කතාවක් පිළිබඳව මාධ්‍යත් ලොකු ප්‍රසිද්ධියක් දුන්නා. පාර්ලිමේන්තුවේ නුසුදුසු වචන පාවිච්චි කරලා තමයි මට කතා කළේ. මම කණගාටු වෙනවා, මොකද තරු පටි දීලා ෆීල්ඩ් මාර්ෂල් තනතුරු දීලා. මම නරක මිනිහෙක් නම් ඔය ෆීල්ඩ් මාර්ෂල් කෝට් එක ගලවලා විසිකරන්න ඕන. විසිකරලා කියන්න ඕන තමුන් දුන්න ෆීල්ඩ් මාර්ෂල් කෝට් එක මම අඳින්නේ නෑ කියලා. විලිලැජ්ජා නැතුව ඒකත් අඳිනවා.
උත්සවයක් ආවම ප්‍රොටෝකොල් එකෙන් අහනවා මගේ පුටුව තියෙන්නේ කොතනද ඇමැතිවරුන්ට පස්සේ මට බෑ. අගමැති ළඟට ඊළගට මට තමයි ඉන්න ඕන. ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් පත්කරන්න අඩු වශයෙන් ලෝකයේ යුද හමුදාවක ලක්ෂ 10කට වැඩියෙන් ඉන්න ඕන. මම එයාට කාලගුණ සැළකීමක් විදියට නිදොස් කොට නිදහස් කරලා, තරු පටි ආපහු අන්දලා, එයාට පෙරඩ් එකක් තියලා, ෆීල්ඩ් මාර්ෂල් කෝට් එක අන්දලා ආපහු එයාව හොඳ මහත්තයෙක් බවට පත් කළා.
එයාගේ කතාවට පස්සේ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් කිහිපදෙනෙක් කතා කළා. ඒ අය කිව්වා අනේ ජනාධිපතිතුමා ඔය මනුස්සය කොළඹ ඉඳන් යුද්දෙ මෙහෙයවන්න කියලා යනවා කිලිනොච්චියේ. කිලිනොච්චියේ ගිහිල්ල කොන්ක්‍රීට් බංකර් එකක් ඇතුළට වෙලා ඉන්නේ. එයා කවදාවත් යුද පෙරමුණට ගිය මිනිහෙක් නෙවෙයි කියලා. ඉතින් ඒක නිසා මම ඊට වඩා ඒ ගැන කතා කරන්නේ නෑ.
සාමාන්‍යයෙන් බල්ලෝ මිනිස්සුන්ගේ කකුල් හපාකනවා මිනිස්සු බල්ලන්ගේ කකුල් හපා කන්නේ නෑ. ඒක නිසා බල්ලෝ කරන වැඩ අපි කරන්නේ නෑ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart