
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව පවත්වනු ලබන දේශීය පරීක්ෂණයක් සඳහා එක්සත් ජාතීන්ගේ තාක්ෂණික සහාය ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා සිටියේය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ තාක්ෂණික සහාය ඇතිව දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට තමන් කැමති බව පාර්ලිමේන්තුවේදී හෙළි කළ සිරිසේන මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
“මම ඊයේ එක්සත් ජාතීන්ගේ සහකාර නේවාසික නියෝජිතයා හමුවී ඔහුගේ සංවිධානයෙන් තාක්ෂණික සහාය ලබාදෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කළා. විදේශ පරීක්ෂණයක් අනවශ්‍ය තත්වයන් කරා මෙය ගෙන යාවි. එය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට පවා බලපානවා” යැයි ඔහු පැවැසීය.
එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව ආරක්ෂක අංශවල නිලධාරීන් තමන්ව කිසිවිටකත් දැනුවත් නොකළ බවද හෙතෙම යළි අවධාරණය කළේය.
කෙසේ වෙතත්, 2017 වසරේ සිට අප්‍රේල් 21 ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව පූර්ව දැනුමක් තිබූ බව ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart