
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටි කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිවසේ විදුලි හා ජල බිල්පත් හිඟයක් පැවතීම හේතුවෙන් විදුලි සහ ජල සම්පාදන සම්බන්ධතා විසන්ධි කිරීමට පෙරේදා (07) සූදානම් වී ඇත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් ජල සම්බන්ධතාව විසන්ධි කිරීමටත්, රුපියල් ලක්ෂයක හිඟ විදුලි බිල්පතක් ඇති හෙයින් විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීමටත් එහි ගොස් ඇත. මේ වන විට ආරක්ෂක අංශ නිලධාරීන් පමණක් එහි සිටින බැවින් ආපසු හැරී පැමිණ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාරගෙන් ‘දිනමිණ’ කළ විමසීමේදී සඳහන් කර ඇත්තේ, එම නිවසේ රුපියල් ලක්ෂ 6ක හිඟ ජල බිල්පතක් ඇති බවයි. මෙවැනි හිඟ බිල්පත් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය අනුව පෙරේදා (07) විජේරාම මාවතේ පිහිටි මෙම නිවසේ ද ජලය අත්හිටුවම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයන් එහි ගොස් ඇති බව ද ඔහු පවසා ඇත.
නිවසේ ආරක්ෂාවට රඳවා සිටින පොලිස් නිලධාරීන් ජල බිල්පත් හිඟය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව සඳහන් කර ඇති හෙයින් එම නිවසේ ජල සැපයුම අත්හිටුවීමට මණ්ඩලය පියවර ගෙන නොමැති බව ද සභාපතිවරයා සඳහන් කර තිබේ.
විජේරාම මාවතේ පිහිටි නිවස මෙතෙක් නිල වශයෙන් භාරදී නැත. මෙහි ඇති රජයට අයත් භාණ්ඩ ලේඛන පරීක්ෂකර ඒවා වෙන් කරගැනීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාට අයත් භාණ්ඩ ඉවත් කරගැනීමෙන් අනතුරුව නිවස නිල වශයෙන් භාරදෙන බව මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වයෙන් සඳහන් කරයි.
මෙම නිවසේ ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් භාණ්ඩ ඇති බව සඳහන්ය. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් මේ වන විට පැමිණ ජනාධිපති කාර්යාලයට අයත් භාණ්ඩ ලැයිස්තුගත කර ඇති බව ද මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වයේ තොරතුරු සඳහන් කරයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වීමට පෙර භාවිත කර ඇත්තේ මෙම නිවසය. මෙම නිවසේ ඔහු රැඳීසිටින විට තිබුණු රජයේ භාණ්ඩ ද තවමත් ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් ඒ සම්බන්ධයෙන් ද සොයාබැලීමක් සිදු වනු ඇත.
මහින්ද රාජපක්ෂ මෙම නිවසින් ඉවත්ව ගිය ද තවමත් නිල වශයෙන් නිවස භාරදී නොමැති බැවින් නිල වශයෙන් භාර දෙන දිනය දක්වා ඇති විදුලි සහ ජල බිල්පත් ද ගෙවීමට සිදු වනු ඇත. එබැවින් මෙම නිවස ඉතා ඉක්මනින්ම භාර ගැනීමට රජය කටයුතු කරනු ඇතැයි මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart