September 13, 2026

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිය පුත් නාමල් රාජපක්ෂව බලන්න හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ පසුගිය දවසක බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.

දේශපාලනයේ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති හිටපු ජනාධිපතිවරයා එහිදී සිය පුතුට පවසා ඇත්තේ, “ශක්තිමත්ව ඉන්න. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ එයාලා අපිව මර්දනය කරන්න හැදුවා; මාව හිරෙත් දැම්මා. කවදාවත් මානසිකව වැටෙන්න එපා, මේවා වටිනා දේශපාලන අත්දැකීම්,” යනුවෙන්.

මේ අතර, නාමල් රාජපක්ෂව පාර්ලිමේන්තුවට කැඳවාගෙන ආ අවස්ථාවේදී, ඔහුගේ පාර්ලිමේන්තු සගයා වන මන්ත්‍රී ඩී. වී. චානක බන්ධනාගාරය ඇතුළේ තත්ත්වය කොහොමදැයි විමසා තිබෙනවා.

ඊට පිළිතුරු දෙමින් නාමල් සිනාසෙමින් පවසා ඇත්තේ, “බන්ධනාගාරයේ ඉන්න අනිත් සිරකරුවන් මාත් එක්ක හරිම යාළුයි. අපි හොඳින් ඇඟපත තබාගෙන ඉන්නවා” යනුවෙන්.