
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිරදඬුවම් නියම වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් රුවන්ජීව ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ රැඳවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ ඔවුන් දෙදෙනා පළමුව සිරකරුවන් ලෙස ලියාපදිංචි කර ඇත.
ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාට ජම්පරය ද ලබාදී ‘කේ’ වාට්ටුවේ රැඳවූ බවයි බන්ධනාගාර ආරංචි පවසයි.
දීර්ඝ කාලීන සිරදඬුවම් නියම වී සිටින තවත් සිරකරුවන් 100 දෙනකු සමඟ එම වාට්ටුවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු රඳවා තිබෙයි.
සිරදඬුවම් නියම වූ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් ද රඳවා සිටින්නේ එම වාට්ටුවේ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත වසර 25 ක සිරදඬුවම් සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම විය.
නලින් ප්‍රනාන්දුට රුපියල් ලක්ෂ හතරක දඩයක් සහ මහින්දානන්ද අලුත්ගමගේට රුපියල් ලක්ෂ දෙකක දඩයක්ද නියම කරනු ලැබීය.
ඒ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව දුන් තීන්දුවකට අනුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart