
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැරම් බෝඩ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ හිටපු ක්රීඩා ඇමතිවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේට හා වත්මන් වෙළඳ ඇමැති නලින් ප්රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව අවසන් කරන්නේ ද? නැද් ද? යන නියෝගය ජූලි 11 ලබා දීමට ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය.
නඩුව මහාධිකරණ විනිසුරුවරුන් වන සභාපති අමල් රණරාජා, ප්රදීප් හෙට්ටිආරච්චි සහ මහේෂ් වීරමන් යන ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූවා.
නඩුව තීන්දුව අද ප්රකාශයට පත්කිරීමට නියමිතව තිබුණ ද විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු අමල් රණරාජා පැවසූවේ, තීන්දුව ප්රකාශ කිරීම ජූලි 11 දක්වා කල්තබන බවයි.
හිටපු ක්රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට සහ වෙළඳ ඇමැති නලින් ප්රනාන්දු එරෙහිව 2014 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ක්රීඩා සමාජ සඳහා කැරම් බෝඩ් 14,000ක් සහ කෙටුම්පත් පුවරු 11,000ක් ඇතුළු ක්රීඩා උපකරණ ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53.1ක වංචාවක් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබේ.
අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙම නඩුව ගොනු කර ඇත.
වෙළඳ ඇමැති නලින් ප්රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා පෙනී සිටියේය.
මහින්දාන්නද අලුත්ගමගේ වෙනුවෙන් කංචන රත්වත්තේ පෙනීසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart