
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇමැතිවරයකුව සිටි සමයේ අයථා ලෙස උපයා ගත් බවට සැලකෙන රුපියල් ලක්ෂ 274ක මුදලක් යොදවා බොරැල්ල ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට විරුද්ධව පවරා ඇති නඩුවක තීන්දුව ලබන අප්‍රේල් 25 වැනි දා ප්‍රකාශ කිරීමට නියමිත බව වාර්තා සඳහන් කරයි.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (14) මෙම නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් දිනය ප්‍රකාශ කර ඇත.
නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සනිල් කුලරත්න සහ විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ නඩුව සඳහා වාචික කරුණු දැක්වීම් සිදුකර තිබේ.
ලිඛිත දේශන ඉදිරියේ දී භාර දීමට නියමිතය.
නීතිපතිවරයා විසින් හිටපු ඇමැතිවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart