
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අභාවය මහනුවර දිස්ත්‍රික්කයට දැරිය නොහැකි පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවුවේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වූ කොළඹ පෞද්ගලික රෝහල වෙත අද උදෑසන පැමිණි අවස්ථාවේ මෙම අදහස් පළකළේය.
වයස අවුරුදු 57ක් වූ ලොහාන් රත්වත්තේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේට උපහාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ ඔහුගේ අභාවය රටට මෙන්ම විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයට සැළකිව යුතු පාඩුවක් බවයි.
“ඔහු අපට ඉතා සමීප දේශපාලනඥයෙක්. ඔහු ඉතා හොඳ මිතුරෙක්,” යැයි මහින්ද රාජපක්ෂ තවදුරටත් පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ ලොහාන් රත්වත්තේ රාජපක්ෂ පවුලට ඉතා සමීප බවයි.
“ඔහු මහින්ද රාජපක්ෂගේ සහෝදරයකු සහ සමීප දේශපාලනඥයකු ලෙස මෙන්ම අපගේ පවුලටද සේවය කළා. ලොහාන් රත්වත්තේ රටටත් සහ මහනුවර දිස්ත්‍රික්කයටත් බොහෝ දේ කළ පුද්ගලයෙක්. පවුලක් සහ දේශපාලන පක්ෂයක් ලෙස අපි අපගේ ශෝකය ප්‍රකාශ කරනවා,” යැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට උපහාර දක්වමින් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart