
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන මහේෂ් බණ්ඩාරගේ මස්සිනා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සතුව තිබූ ගිනි අවි, පතොරම් සහ තියුණු ආයුධ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වාගේ නියෝග සහ උපදෙස් මත බුද්ධි අංශ/විශේෂ මෙහෙයුම් අධ්යක්ෂ පොලිස් අධිකාරී ඩී.පී.යූ. කොඩිතුවක්කුගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ සිදු කරන ලද මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ මෙහෙයුම පන්නල පොලිස් කොට්ඨාසයේ මාකඳුර, ගෝනවිල ප්‍රදේශයේදී සිදු කරන ලදී.
මාකඳුර, ගෝනවිල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි මෙම පුද්ගලයා විදේශීය නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවියක් 01ක්, විදේශීය නිෂ්පාදිත ක්ෂුද්‍ර වර්ගයේ පිස්තෝලයක් 01ක්, පිස්තෝල සඳහා භාවිතා කරන කාට්රිජ් 01ක්, මිලිමීටර් 9 උණ්ඩ 07ක්, බෝර 12 උණ්ඩ 09ක්, කඩුවක්, රු. 1,100ක මුදලක් සහ ජාතික හැඳුනුම්පත සහිත මුදල් පසුම්බියක් සමග සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පන්නල පොලිස් ස්ථානයට භාර දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart