
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සම්මානලාභී ෂේක්ස්පියර් නාට්‍ය නිළියක් සහ ද්විත්ව ඔස්කාර් සම්මානලාභී සුප්‍රකට බ්‍රිතාන්‍ය නිළි මැගී ස්මිත් මියගොස් තිබේ.
මිය යන විට ඇගේ වයස අවුරුදු 89 කි.
මැගී ස්මිත් ලොව පුරා වෙසෙන ලොකු කුඩා කා අතරත් ජනප්‍රියත්වයට පත්වූයේ හැරී පොටර් චිත්‍රපට මාලාවේ ඇය පණපෙවූ චරිතය හේතුවෙනි.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ මෙතෙක් විකාශය වූ කොටස් 07ම මැගී ස්මිත් මහාචාර්ය මැක්ගොනගල්ගේ චරිතය නිරූපණය කළාය.
ඔස්කාර් සම්මාන දෙකක්, එමී සම්මාන හතරක් සහ ටෝනි සම්මාන තුනක් දිනාගෙන සිටි ස්මිත්ගේ රංගන දිවිය 1950 ගණන්වල වේදිකාවෙන් ආරම්භ විය.
එහෙත් 21 වන ශතවර්ෂයේ බොහෝ තරුණ රසිකයන් අතර ඇය ජනප්‍රියත්වයට පත්වූයේ ‘හැරී පොටර්’ චිත්‍රපට හේතුවෙනි.
1990 දී මැගී ස්මිත්ට බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින විසින් නයිට් පදවියට සමාන පදවියක් ද පිරිනමා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart