
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බරපතල බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් රෝහල් ගතව දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සුපිරි පොප් ගායිකා මැඩෝනා මේ වනවිට සුවය ලබමින් සිටින අතර, ඇයව නිවසට රැගෙන ගිය බව ඇගේ කළමණාකාරවරයා සඳහන් කරයි.
64 හැවිරිදි මැඩෝනා හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව සියලු සංගීත ප්‍රසංග කල් දමා ඇතැයි ද කළමණාකාරවරයා සඳහන් කර ඇත.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්‍රසංග 84ක් ගැන ඇගේ වෙබ් අඩවියෙහි සඳහන් වේ.
දශක පහකට ආසන්න කාලයක් පුරා බටහිර ගීත ලෝකයේ ජනප්‍රියත්වය රඳවා තබාගැනීමට ඇය සමත්ව සිටින අතර, රෝහල්ගත කරන මොහොත වන විටත් ලොව පුරා සංගීත ප්‍රසංග චාරිකා ගණනාවකට එක්වීමට නියමිතව සිට ඇත.
ඇයගේ නවතම ප්‍රසංග චාරිකාව ජූලි 15 වැනිදා කැනඩාවෙන් ආරම්භ කර පසුව ලන්ඩනය, නිව්යෝක් නගර වෙත රැගෙන යෑමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart