
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභික නාමලේඛණ ලබන 30 වැනිදාට පෙර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලබාදෙන්නැයි නියම කරමින්, මැතිවරණ කොමිසම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ කිරීමට පෙර තේරීපත් වූ සහ තෝරා ඒවා ඇති සභිකයින්ගේ නම් ගැසට් පත්‍රයේ පළ කළ යුතුව ඇති බවයි.
මැතිවරණය අවසන් වී දින 21 ක් ගතව ඇතැත් තෝරා එවිය යුතු නියමිත සභික සංඛ්‍යාව මෙතෙක් ලැබී නොමැති බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව එක් එක් පක්ෂය හා කණ්ඩායම් විසින් තෝරා එවිය යුතු ඇති සියලුම සභිකයන්ගේ නම් ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12 ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරීන් වෙත නම්කර එවිය යුතු බව ගැසට් පත්‍රයේ දැක්වේ.
පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වී ප්‍රථිපල නිකුත් කිරීමෙන් පසු ඒ ඒ පක්ෂයට හෝ කණ්ඩායමට අදාළ වූ කාන්තා සභිකයින් ඇතුළුව තෝරා එවිය යුතු සභිකයන් කඩිනමින් දැනුම්දිය යුතුය.
මැතිවරණ කොමිසම පවසන්නේ, ලබන 30 වැනිදා වන විට දෙවැනි නාම ලේඛණ ලබා නොදෙන්නේ නම්, සභිකයන් නම්කිරීමේ වගකීමෙන් කොමිසම ඉවත් වන බවයි.
මේ අතර, කොළඹ මහනගර සභාවට සමගි ජනබලවේගය ලබාදුන් සභික නාම යෝජනා දෙකක් සංශෝධනය කිරීමට අවස්ථාව දෙන්නැයි එම පක්ෂය මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart