
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිව්වැනි වරටත් බ්රසීලයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ලූලා ද සිල්වා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක යොමු කරන ලද සුබපැතුම් පණිවිඩයට බ්රසීල ජනාධිපතිවරයා විසින් සිය කෘතඥතාව පළ කර තිබේ.
සිය නිල X ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් බ්රසීල ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේදී අනුර කුමාර දිසානායක හමුවී සාකච්ඡා කිරීමට ලැබීම තමන්ට ලැබුණු ඉතා සතුටුදායක අවස්ථාවක් වූ බවයි.
අන්තවාදයට සහ අසත්ය ප්රචාරයන්ට එරෙහිව ප්රජාතන්ත්රවාදී මූලධර්ම සුරක්ෂිත කරගන්නේ කෙසේද යන්න බ්රසීල ජනතාව සිය ජන්ද බලය මගින් මුළු ලෝකයටම පෙන්වා දී ඇති බවත්, එම ජයග්රහණය ඉතා විශිෂ්ට එකක් බවත් ජනාධිපති ලූලා ද සිල්වා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
එමෙන්ම, ඉදිරියේදී ශ්රී ලංකාව සහ බ්රසීලය අතර තාක්ෂණික සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා වඩාත් ශක්තිමත් පදනමක් මත ගොඩනැගීමටත් තමන් අපේක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කළේය.
බ්රසීල ජනාධිපතිවරණයේදී කැපී පෙනෙන ජයග්රහණයක් අත්කර ගනිමින් යළිත් බලයට පත් වූ ලූලා ද සිල්වාට සුබ පතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නිල ‘X’ ගිණුම හරහා සුබපැතුම් එක්කර තිබුණේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart