
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
LPL තරගාවලියේ ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර ඊයේ(31) පස්වරුවේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගය අතරතුර සර්පයකු පිටිය මැදට පිවිසියේය.
එම අවස්ථාවේ පන්දු යැවීමට සුදානම්ව සිටියේ ගාල්ල කණ්ඩායමේ සකීබ් අල් හසන් ය.
ඔහු පන්දුවට පහරදෙමින් සිටි දඹුල්ල කණ්ඩායමේ කුසල් ජනිත්ට සර්පයාව පෙන්නුවේ අතින් පෙනයක් පෙන්නුම් කරමිනි.
අනතුරුව තරගයේ සිව්වන විනිසුරුවා පිටියට පැමිණ සර්පයා හතරේ සීමාවෙන් එපිටට යැවිමට කටයුතු කළේය.
ඉන් පසු තරගය ආරම්භ කෙරිණි.
මීට අදාල විඩියෝව ලංකා ප්‍රිමියර් ලීග් වෙබ් අඩවියෙන් මුදාහැරීමත් සමග විවිධ අදහස් බංග්ලාදේශය සම්බන්ධ කරගනිමින් විවිධ අදහස් පළව තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන ඉන්දීය සුපිරි ක්‍රීඩක දිනේෂ් කාර්තික් සදහන් කර ඇත්තේ “The naagin is back. I thought it was in Bangladesh” ලෙසය.
ඇතැම් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍ය ඔස්සේ සදහන් කර ඇත්තේ “සර්පයා බංග්ලාදේශය කණ්ඩායමේ මුෂ්පිකර් රහීම් පිටියට ඇවිත්” යනුවෙනි.
“සකීබ් අල් හසන් පන්දු යවන්න ගත්තම තමයි සර්පයා ආවේ” වැනි වැකිද ප්‍රේක්ෂකයන් සදහන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart