May 24, 2023

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩක වෙන්දෙසිය ලබන ජූනි 11 වනදා ආරම්භ විමට නියමිතය.

ලංකා ප්‍රිමියර් ලිග් සිව්වන අදියර මහනුවර සහ කොළඹ ⁣ක්‍රිඩාංගණ දෙකකදී පැවැත්වෙන බව තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩංවල ඊයේ(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මෙි වනවිටත් දකුණු අප්‍රිකාවේ ඩෙවිඩ් මිලර් යාපනය කණ්ඩායම සමගත්,පාකිස්තානයේ බාබර් අසාම් කොළඹ කණ්ඩායම සමගත්, ඔස්ට්‍රේලියාවේ මැතිවි වේඩ් දඹුල්ල කණ්ඩායම සමගත් ගිවිසුම් ගත වි ඇති බව ඔහු සදහන් කළේය.

බංග්ලාදේශයේ සකීබ් අල් හසන් සහ තබ්රිස් ෂම්සිද ගාල්ල කණ්ඩායම සමග ගිවිසුම් ගතව ඇත.

තවත් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයින් ලංකා ප්‍රිමියර් ලීග් සදහා සහභාගි වීම⁣ට නියමිතය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩක ලියාපදිංචිය පසුගිය 15 වනදා ආරම්භ කෙරිණි. ලබන ජූනි 25වැනිදා දහවල් 12 දක්වා ඒ සදහා ක්‍රීඩකයින්ට අවස්ථාව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන ජුලි මස 30 වනදා සිට අගෝස්තු 20 දක්වා පැවැත්විමට සැලසුම් කර ඇත.