
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ කොළඹදී පැවැත්වේ.
මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 360 දෙනෙක් ලියාපදිංචි වී තිබේ.
ඉන් 204දෙනකු දේශීය ක්‍රීඩකයෝ වන අතර, සෙසු 156දෙනා විදෙස් ක්‍රීඩකයෝ වෙති.
LPL ක්‍රීඩක වෙන්දේසිය කොළඹ ප්‍රධාන හෝටලයක පස්වරු 03ට ආරම්භ කෙරේ.
ප්‍රකට ඉන්දීය නිවේදක චාරු ශර්මා විසින් වට 51කින්යුත් වෙන්දේසිය මෙහෙයවීමට නියමිතව ඇත.
මේ වනවිට සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයන් සිව්දෙනෙක් සමග ගිවිසුම්ගතව ඇත.
ඒ අනුව, අද පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී එක කණ්ඩායමකට ක්‍රීඩකයන් 16ත් 20ත් අතර ගණනක් මිලදීගත හැකිවේ.
සෑම කණ්ඩායමයක්ම වයස අවුරුදු 21න් පහළ ක්‍රීඩකයෙක් මිලදී ගැනීම අනිවාර්ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.
කණ්ඩායමක උපරිම ක්‍රීඩකයන් ගණන 24ක් වේ.
මෙවර LPL තරගාවලියට එක්වන කණ්ඩායම් 05 ක්‍රීඩක වෙන්දෙසියේදී වියදම් කරනු ලබන මුදල ඩොලර් මිලියන 2.5කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart