
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර, පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 සමාරම්භක උත්සවයේදී, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තරගාවලියේ සමාරම්භය සටහන් කරනු ඇත.
LPL හි සන්නාම තානාපතිවරයා වන හිටපු ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන ජයග්‍රාහී නායක මයිකල් ක්ලාක් ද සමාරම්භක උත්සවයට සහභාගී වන අතර, ඒ ඒ කණ්ඩායම්වල නායකයන් ඇතුළු කණ්ඩායම් පහේම ක්‍රීඩකයන් ද සහභාගී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
වත්මන් ශූරයන් වන මහනුවර ෆැල්කන්ස් පිලේ නායක වනිඳු හසරංග විසින් සන්නාම තානාපතිවරයා වෙත කුසලානය පිරිනැමීමට නියමිතය.
ලංකා ප්‍රිමියර් ලීග් 2024 සමාරම්භක උත්සවය පස්වරු 6.15ට ආරම්භ වන අතර, තරගාවලියේ පළමු පන්දුව පස්වරු 7.30ට යැවීමට නියමිතය.
ආරම්භක තරගය පැවැත්වෙන්නේ වත්මන් ශූරයන් වන මහනුවර ෆැල්කන්ස් සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම් අතරය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart