
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින විදේශ ගමන් බලපත්‍ර හිඟය හේතුවෙන් හදිසි අවශ්‍යතා ඇති අය පමණක් පැමිණෙන ලෙස රජයේ ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ඉල්ලා සිටියද බත්තරමුල්ල විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයේ අදත් දිගු පෝලිම් වාර්තා විය.
ඊයේ ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ නව විදේශ ගමන් බලපත්‍ර කොටස් වශයෙන් ලැබෙන බවත් නොවැම්බර් මැද භාගයේදී විදේශ ගමන් බලපත්‍ර ලක්ෂයක තොගයක් අපේක්ෂා කරන බවත්ය.
හදිසි අවශ්‍යතා ඇති අයට පමණක් විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට පැමිණෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
කෙසේවෙතත්, තමන් විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයේ සිටින්නේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා ඇති නිසා පමණක් බව පවසමින්
බත්තරමුල්ල විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය ඉදිරියේ රැස්ව සිටි පිරිස් අමාත්‍යවරයාගේ ඉල්ලීම විවේචනයට ලක්කළහ.
මේ වන විටත් නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයේ අවුල් සහගත තත්ත්වයක් උද්ගත වී ඇති බව ඇතැම්හු බලධාරීන්ට චෝදනා කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart