
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශපාලනඥයන් සහ ඔවුන්ගේ භාර්යාවන් මෑතකදී අත්අඩංගුවට ගැනීම් පිළිබඳව සඳහන් කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඔහුගේ ප්‍රතිපත්ති පිළිබඳව හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රශ්න කළේය.
ජනාධිපතිවරයා තමාව පමණක් නොව ඔහුගේ බිරිඳවද රක්ෂිත බන්ධනාගාරගත කළ බව ලොහාන් රත්වත්ත පැවැසීය.
“ලැජ්ජයි. ජනාධිපතිතුමනි ලැජ්ජයි. මාව හිරේ දැම්මා විතරක් නෙමෙයි, මගේ නෝනවත් හිරේ දැම්මා. මේකද දේශපාලනය. අද අනුරාධපුරේ හිටපු මහඇමතිතුමාව හිරේ දාලා තියෙනවා. චන්ද්‍රසේන ඇමතිතුමාගේ නෝනවත් හිරේ දාලා තියෙනවා. තමුන්නාන්සේලා අසූඅටේ අසූනවයේ කරපු දේවල්වලට තමුන්නාන්සේලා එල්ලුම්ගස් යන්න ඕනේ….මාව ඇතිතරම් හිරේ දාන්න. කමක් නැහැ. හැබැයි මගේ නෝනට අත තිබ්බොත් නම් කරන්න ඕනේ දේ මම දන්නවා.” ඔහු සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ කෝලාහල අතරතුර සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් ඊට වගකිවයුත්තන් එල්ලා මරාදැමිය යුතු බවද ලොහාන් රත්වත්තේ තවදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart