
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට සම්බන්ධ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගි වාහනය පිළිබඳව සිදුකළ විමර්ශනයේදී වැදගත් කරුණු අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
පොලිසිය හෙළිකරන නඩුව වටා ඇති ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය.
මෙම වාහනය කොටස් වශයෙන් ශ්‍රී ලංකාවේ එකලස් කර ඇති බවට සැකකරනු ලබයි. මෙම සුඛෝපබෝගී රථය කොටස් තුනක් වශයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් පසුව ශ්‍රී ලංකාවේදී එකලස් කර ඇති බවට පොලිසිය සැකකරයි. මෙම ක්‍රමය බොහෝ විට නිලධාරීන් විසින් හඳුනාගැනීම වැළැක්වීම සඳහා භාවිත කරයි.
හඳුනාගැනීම වෙනස්කර ඇති අතර වාහනය සම්බන්ධයෙන් රේගු වාර්තා නොමැත. විමර්ශකයන් විසින්, වාහනයේ චැසි අංක විකෘති කර ඇති බව සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු දත්ත ගබඩාවල කිසිදු වාර්තාවක් නොමැත. එය විධිමත් ආනයන ක්‍රියා පටිපාටි මග හැර ඇති බව හෙළිවේ.
ලොහාන් රත්වත්තේ විසින් මෙම වාහනයේ හිමිකාරිත්වය ප්‍රතික්ෂේප කර ඇති නමුත්, ඔහු විසින් මෙම වාහනය භාවිත කර ඇති බවට සාක්ෂි ලැබී තිබේ. හිටපු ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, මෙම වාහනය, පසුගියදා සියදිවි නසාගෙන මියගිය බව කියන ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට අයත් බවයි.
එසේම වාහනයේ හිමිකාරිත්වය සහ භාවිතය අනාවරණය කර ගැනීමට පොලිසිය දරන උත්සාහය ලොහාන් රත්වත්තේ විසින් අවුල් කරමින් විමර්ශනය සඳහා සම්පූර්ණයෙන් සහයෝගය නොදැක්වූ බව පොලිසිය වාර්තා කර ඇත.
ලියාපදිංචි කර නොමැති බැවින් මෙම වාහනයට අංක තහඩුවක් නොමැත.
අද පෙරවරුවේ මහනුවරදී අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා පස්වරුව වන විට සිටියේ මිරිහාන පොලිසියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart