May 3, 2024

අද (මැයි 03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩු කර කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ 12.5Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කෙරෙන බවයි.

ඒ අනුව 12.5Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් රුපියල් 3,940 කි.

05Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70 කින් අඩු කෙරෙන අතර එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,582 ක් වනු ඇති.

ලිට්‍රෝ ගෑස් 2.3Kg ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32 කින් අඩු කෙරෙන අතර එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 740 ක් බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් පැවසීය.