
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයින පුරා ඇති මත්පැන් හල් විවෘත්ත කිරීමේ වේලාව සංශෝධනය කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.
“නීති විරෝධී මත්පැන් අලෙවිය අධෛර්යමත් කිරීමට සහ කර්මාන්තයේ විනයානුකූල භාවය පවත්වාගෙන යෑම සඳහා නම්‍යශීලි විවෘත කිරීමේ වෙලාවන් හඳුන්වාදීම” යනුවෙන් එම යෝජනාව අයවැයේ සටහන්ව ඇත.
හඳුනාගත් කටයුතු කිහිපයක් සඳහා නව සුරාබදු බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදෙනු ලබන බවද ජනාධිපතිවරයාගේ 2024 අයවැය කතාවේ සඳහන් වේ.
ඒ අනුව බදු පරිපාලනය වැඩිදියුුණු කිරීමේ ක්‍රමවේද සහ බදු ප්‍රතිපත්ති සංශෝධන ලෙස පහත යෝජනා ඉදිරිපත් කර ඇත.
– විවිධ වර්ගයේ බලපත්‍ර සඳහා අදාළ වන මාර්ගෝපදේශ/රීතීන් විධිමත් කෙරේ
– නිෂ්පාදන, තොග සහ සිල්ලර බලපත්‍ර සඳහා වෙන වෙනම පත්‍ර කොන්දේසි සහ අවශ්‍යතා හඳුන්වාදීම
– සුරාහල් නොමැති ප්‍රදේශ ඇති කරමින් සුරාහල් අතාර්කික ලෙස පැතිර පැවතීමේ ගැටලුවට පිළියම් යෙදීමේ අරමුණ ඇතිව ඇතැම් බලපත්‍ර සඳහා වන උපරිම සීමාවන් සංශෝධනය කෙරේ
– නීති විරෝධී මත්පැන් අලෙවිය අධෛර්යමත් කිරීමට සහ කර්මාන්තයේ විනයානුකූල භාවය පවත්වාගෙන යාම සඳහා නම්‍යශීලි විවෘත කිරීමේ වෙලාවන් හඳුන්වාදීම
– සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා සම්බන්ධ නියමයන් සංශෝධනය කිරීම
– මෘදු මත්පැන් බලපත්‍ර සඳහා නිසි ප්‍රතිපත්තියක් හඳුන්වාදීම
– කර්මාන්තය තුළ විනයානුකූල බාවය හැකි ඉහළම මට්ටමින් පවත්වාගෙන යෑම
– සුරාබදු දෙපාර්තමේන්තුව තුළ නිර්මාණ සහ අධීක්ෂණ අංශයක් සහ අවදානම් කළමණාකරණ අංශයක් පිහිටුවීම
– මූලික පරිපාලන කාර්යයන්ට අදාළව ප්‍රධාන කාර්ය සාධන දර්ශක (KPI) හඳුන්වාදීම”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart