
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන මාසයේ (ජූනි) සිට මත්පැන් සහ බියර් මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වෙයි. ඊට හේතු වී ඇත්තේ මත්පැන් සහ බියර් අලෙවිය 40% කින් අඩුවීම නිසා සුරාබදු ආදායම අඩුවීමයි.
මෙම වසරේ ආරම්භයේ සිට මත්පැන් සහ බියර් අලෙවිය සීඝ්‍ර ලෙස පහත වැටෙමින් තිබෙන බව නිෂ්පාදන සමාගම්ද මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත. අලෙවිය පහත වැටීමට හේතු වී ඇත්තේ මිල අධිකවීම බව නිෂ්පාදන සමාගම් පෙන්වා දී ඇත.
මේ පිළිබඳ මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය සහ නිෂ්පාදන සමාගම් අතර සාකච්ඡා පසුගිය සතියේදී පැවැත්විණි. එහිදී ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ බදු සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර සුරා බද්ද අඩු කිරීමට පියවර ගන්නා බවයි.
සුරා බද්ද රුපියල් 2000 කින් අඩු කරන ලෙස නිෂ්පාදන සමාගම්ද මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. මත්පැන් මිල අධික වීම නිසා ජනතාව නීති විරෝධී මත්පැන් භාවිතයට වැඩි වශයෙන් හුරු වී ඇති බවද මෙහිදී සාකච්ඡා කර ඇත. ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයද වාර්තාවක් නිකුත් කර ඇති අතර නීති විරෝධී මත්පැන් භාවිතයෙන් ජනතාව රෝගී වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශ වැය බරද වැඩි විය හැකි බව මුදල් අමාත්‍යාංශ සාකච්ඡාවලදී අවධානය යොමු කර තිබේ.
මත්පැන් හා බියර් නිෂ්පාදනය ද පහත වැටී ඇති අතර දේශීයව නිෂ්පාදනය කරන ලද එතනෝල් ද ලීටර් ලක්ෂ පහළොවක් ගබඩාවල ඇති බව ලංකා සීනි සමාගමේ සභාපති සාරද සමරකෝන් ප්‍රකාශ කළේය.
මත්පැන් හා බියර් අලෙවිය වැඩිකර සුරාබදු ආදායම් ගැනීම සුරාබද්ද අඩුකරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවද මුදල් අමාත්‍යාංශයට යෝජනා කර තිබේ. එසේ නොමැති නම් මත්පැන් සැර 20% අඩු මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කිරීමට පියවර ගත යුතු බවද සුරාබදු දෙපාර්තමේන්තුව යෝජනා කළ බව සුරාබදු මාධ්‍යය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේය.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart