
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් අනිවාර්යෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමන් තරග නොකරන බවට මෑතක සිට රජයේ නියෝජිතයන් කොට්ඨාසයක් පුවත් මවා පාන බවද විපක්ෂ නායකවරයා පවසයි.
ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ, කිරිඳි ඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
එමෙන්ම එවැනි ප්‍රචාරයන් මඟින් තමන්ට ජීවිත තර්ජනයක් පවතින්නේදැයි සැකයක් පවතින බවද ඔහු සඳහන් කර ඇත.
කිසිදු අවස්ථාවක තමා මරණයට බියවන නිවටයෙක් නොවන අතර, ඕනෑම දවසක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත්, තමන් කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමඟ ඩීල් හා ගිවිසුම් දමා නොමැති බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart