
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චිත්‍රපට (දේශීය හා විදේශීය), වේදිකා නාට්‍ය, සංගීත හා රංග සංදර්ශන වැනි මහජන ප්‍රදර්ශන සඳහා බලපත්‍ර ගාස්තුව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් සංශෝධනය කර ඇත.
ඒ අනුව විදේශීය චිත්‍රපට සඳහා බලපත්‍ර ගාස්තුව රු.20,000 සිට රු.40,000 දක්වා ඉහළ දමා ඇති අතර, දේශීය චිත්‍රපට සඳහා ගාස්තුව රු.10,000 සිට රු. 15,000 දක්වා ඉහළ දමා තිබේ.
සංගීත හා ප්‍රසංග සඳහා බලපත්‍ර ගාස්තුව ද පහත පරිදි වැඩි කර ඇත.
(i) දේශීය කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් එළිමහන් ප්‍රසංග – රු. 3,750.00 කි
(ii) දේශීය කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් ශාලාවක පැවැත්වෙන ප්‍රසංග – රු. 3,000.00 කි
(iii) විදේශීය කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් එළිමහන් ප්‍රසංග – රු. 37,500.00 කි
(iv) විදේශීය කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් ශාලාවක පවත්වන ප්‍රසංග – රු. 22,500.00 කි
(v) රූපවාහිනී නාලිකා මගින් සෘජුවම සංවිධානය කරන ලද වේදිකා සංදර්ශන සහ ප්‍රසංග – රු. 37,500.00 කි
නව සංශෝධනයට අනුව දීර්ඝ සහ කෙටි වේදිකා නාට්‍ය සඳහා බලපත්‍ර ගාස්තුව රු. 500 ක් සහ රු. 250 ක් වේ.
පෙර පාසල් රංග සංදර්ශන සඳහා ගාස්තුව රු. 2000කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart