
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2022 අරගලය විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් 3882 දෙනකුට විවිධ නීති නවයක් යටතේ චෝදනා ගොනුකර ඇති බැවින්, එලෙස චෝදනා එල්ල වී ඇති පුද්ගලයින්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබේ.
සිවිල් සමාජ නියෝජිතයන් සහ නීතිඥවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියෙන් පෙන්වාදෙන්නේ විරෝධතා අතරතුර පුද්ගලයන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වූ නමුත් වන්දි ලබා දී ඇත්තේ තෝරාගත් කිහිපදෙනෙකුට පමණක් බවයි.
කිසිදු සාධාරණයක් ඉටුනොවුණු පවුල් දැඩි දුෂ්කරතාවන්ට මුහුණදෙමින් සිටින අතර, එම පවුල් වෙත ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන බව ද එම ලිපියේ සඳහන් වේ.
විරෝධතා ව්‍යාපාරයට අදාළව පරීක්ෂණ 709ක් සිදුකළ බවත්, එමගින් පුද්ගලයන් දහස්ගණනක් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතැයි ද ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් කර තිබේ.
විපතට පත් සියලුම පුද්ගලයන්ට යුක්තිය ඉටුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් යොමුකර ඇති එම ලිපිය මගින් රජයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල දුක්ගැනවිලිවලට විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart