February 26, 2026

මෙරට උසස් අධ්‍යාපනය හදාරන දරුවන් වෙනුවෙන් මහඟු සේවාවක් ඉටු කළ හිටපු අමාත්‍යවරයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් ආරම්භ කළ හැකිද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළේය.

එහිදී මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ ඔහු මහපොළ ශිෂ්‍යාධාර වැඩසටහන ආරම්භ කිරීමට ද පෙරටුගාමීව කටයුතු කළ බවයි.

විශිෂ්ඨ දේශපාලනඥයකු වූ ලලිත් ඇතුලත්මුදලි විසින් මෙරට අධ්‍යාපනය වෙනුවෙන් කරන ලද සේවය අතිවිශාල බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එතුමන් තුළ පැවැති සිහිනයක් වූයේ අඩු ආදායම්ලාභී, එහෙත් ඉහළ දක්ෂතා සහිත රටේ දරුවන් වෙනුවෙන් නව විශ්වවිද්‍යායක් ආරම්භ කිරීමයි.

එම අරමුණ රටේ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන්ද අතිශය වැදගත් බැවින්, ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.