
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුපිරි නළු රජිනිකාන්ත් රංගනයෙන් දායක වන ජේලර් (Jailer) චිත්‍රපටය හෙට (අගෝස්තු 10)රිදී තිරයට පැමිණීමට නියමිතය.
මෙම චිත්‍රපයට නිසා ඉන්දියාවේ තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්තවල සමාගම් සහ කාර්යාල රැසක්ම හෙට (10) නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ.
එසේම හෙට දිනයේ දී ජේලර් චිත්‍රපටය නැරඹීම සඳහා සමාගම් කිහිපයක්ම සිය සේවකයන් හට නොමිලේ ටිකට්පත් ලබා දී ඇති බව ද වාර්තා වේ.
ඉන්දීය රුපියල් කෝටි 200 ක වියදමකින් නිපදවා ඇති ජේලර් චිත්‍රපටය දකුණු ඉන්දීය සිනමා අධ්‍යක්ෂ නෙල්සන් දිලිප්කුමාර්ගේ අධ්‍යක්ෂණයකි.
රජිනිකාන්ත් ට අමතරව මෝහන්ලාල්, ජැකී ෂරොෆ්, ශිවා රාජ්කුමාර්, රම්‍යා ක්‍රිෂ්ණන් යනා දී ජනප්‍රිය නළු නිළියන් රැසක් ජේලර් හි චරිත නිරූපණය කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart